රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති පෙරහැරකට සහභාගි කරවා තිබූ ‘සංඛ රාජා’ නැමැති අලියා විසින් සිදු කළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම අලියා භාරව සිටි ප්‍රධාන ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයා බව රක්වාන පොලිසිය තහවුරු කළේය.
පෙරහැර සඳහා රැගෙන විත් සිටියදී අලියා කෝපයට පත්වීම හෝ අනපේක්ෂිත ලෙස හැසිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුවන්නට ඇතැයි සැක කෙරේ
















