• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

COVID-19 ආසාදිතයින් හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දෙයි

1 April 2020
in සංවර්ධන

COVID-19 හෙවත් නව කොරෝනා වෛසරය ආසාදිත රෝගීන් හදුනා ගැනීම සදහා කෙරෙන PCR (Polymerase chain reaction) පරීක්ෂණය සදහා යොදා ගන්නා යන්ත්‍ර දෙකක් අද දින (01) විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබීය.

විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදුන් අතර, මෙම උපකරණ පද්ධතියට අදාල සියලුම උපාංග ද ලබාදෙනු ලැබ ඇත. රුපියල් මිලියන 23 ක් වටිනා නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක පරීක්ෂණ සේවා අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන අදාල රෝහල් වෙත ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කොට ඇත.

කොරෝනා ආසාදිත රෝගීන් හදුනාගැනීමේ කටයුතු කඩිනම් කිරිම මෙම පරිත්‍යාගයේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය කියා සිටියේ COVID-19 වෛරසයට අදාලව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අදිටනින් අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒ්ජන්සිය කළ මෙම පරිත්‍යාගයට සිය ස්තූතිය පුද කරන බවයි. මෙම උපකරණ කඩිනමින් ස්ථාපිත කොට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.

 

 

දිලිනි සමන්මලි

Post Views: 8
Previous Post

පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තුව යළි කැඳවයි..!

Next Post

අප්‍රේල් 6 දක්වා රටටම ඇඳිරි නීතිය

editor

editor

Next Post

අප්‍රේල් 6 දක්වා රටටම ඇඳිරි නීතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved