ගාල්ල පොලිස් වසම තුළදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව, ඊට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ. ඉකුත් මැයි 12 වන දින මෙම අමානුෂික මනුෂ්‍ය ඝාතනය සිදුව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ට ලැබුණු විශ්වාසවන්ත බුද්ධි තොරතුරකට අනුව වරකාපොල, මල්කඩුවාව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත. එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 37 සහ 46 යන වයස්වල පසුවන වරකාපොල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීමේ අපරාධය සැලසුම් කිරීම සහ ඊට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මොවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින අතර, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.














