ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ අද (14) දින මෙරට රන් මිල ගණන් සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන් අවුන්සයක මිල රුපියල් 1,398,394ක් ලෙස සටහන් වන අතර කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 49,330ක් දක්වා අඩු වී තිබේ. කැරට් 22 රන් පවුමක මිල රුපියල් 361,800ක් ලෙස වාර්තා වන අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 45,220ක් සහ කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 43,170ක් ලෙස අද දින මිල ගණන් නියම වී ඇත.














