කොස්ගම, තාවල්ගොඩ ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන, එම ප්‍රදේශයේම පදිංචි මිතුරන් දෙදෙනෙකු බව වාර්තා වේ.
දිය නෑමට ගිය අවස්ථාවේ මොවුන් දෙදෙනා දියේ ගිලී අතුරුදන් වී ඇති අතර, ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසු සිරුරු සොයාගෙන ඇත. මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රෝහල් ගත කර ඇති අතර කොස්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මෙම ශෝකජනක පුවතත් සමඟ ප්‍රදේශය පුරා දැඩි සංවේගයක් හටගෙන තිබේ.














