ශ්‍රී ලංකාව පුරා සිය ප්‍රවාහන සේවාවන් පුළුල් කිරීමේ පියවරක් ලෙස, උබර් (Uber) සමාගම සිය මෙහෙයුම් කෑගල්ල නගරය වෙත ද හඳුන්වා දී තිබේ. මේ හරහා කෑගල්ල නගරයේ පදිංචිකරුවන්ට සහ එහි පැමිණෙන සංචාරකයින්ට මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් වැනි සේවාවන් උබර් ඇප් (App) එක හරහා ඉතා පහසුවෙන් සහ සහනදායී මිල ගණන් යටතේ ලබාගැනීමට අවස්ථාව සැලසේ.
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පිහිටි වැදගත් මංසන්ධියක් මෙන්ම පින්නවල අලි අනාථාගාරය වැනි සංචාරක ආකර්ෂණ ස්ථාන රැසකට කේන්ද්‍රස්ථානයක් වන කෑගල්ලට මෙම සේවාව හඳුන්වා දීම සංචාරක මෙන්ම දෛනික ගමන් අවශ්‍යතා සඳහා මහඟු පිටුවහලක් වනු ඇත. මීට අමතරව, මෙම නව ව්‍යාප්තිය හරහා ප්‍රදේශයේ රියදුරන්ට නව ආදායම් මාර්ග උදාකර ගැනීමට ද අවස්ථාව සැලසේ. ජී.පී.එස් (GPS) තාක්ෂණය සහ හදිසි සහාය සේවා වැනි උසස් ආරක්ෂණ පහසුකම්වලින් සමන්විත මෙම සේවාව මඟින් කෑගල්ලේ මගී ජනතාවට වඩාත් ආරක්ෂිත සහ විශ්වාසනීය ප්‍රවාහන අත්දැකීමක් හිමිවනු ඇත.














