Uber සේවාව මඟින් දරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත නව පහසුකමක් හඳුන්වා දී ඇති බව ThePrint වාර්තා කරයි.
මෙම නව විශේෂාංගය හරහා නව යොවුන් වියේ පසුවන්නන් Uber රථයක ගමන් කරන අතරතුර, එම ගමනේ සජීවී වීඩියෝ සහ ගමන් සිතියම සෘජුවම නරඹමින් නිරීක්ෂණය කිරීමට ඔවුන්ගේ දෙමාපියන්ට හෝ භාරකරුවන්ට හැකියාව ලැබේ.
ළමුන්ගේ සහ නව යොවුන් වියේ පසුවන්නන්ගේ ප්‍රවාහන ආරක්ෂාව වැඩිදියුණු කිරීම, නිරන්තර පරීක්ෂාව සහ ඕනෑම හදිසි අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වීමේ හැකියාව ලබාදීම අරමුණු කරගනිමින් Uber සමාගම විසින් මෙම නව තාක්ෂණික පියවර ගෙන තිබේ.














