ජාත්යන්තර භාණ්ඩ ප්රවාහන හා සැපයුම් ක්ෂේත්රයේ ව්යාපාරිකයන්, සමාගම් නියෝජිතයන් සහ ජාත්යන්තර හවුල්කරුවන් එක්වන UCN Global 2026 සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතාගේ ප්රධානත්වයෙන් කොළඹදී ආරම්භ වී තිබේ.
කොළඹ Cinnamon Life at City of Dreams පරිශ්රයේ පැවැත්වෙන මෙම සමුළුව ඔක්තෝබර් 16 වැනිදා දක්වා ක්රියාත්මක වේ. UConnect Worldwide (UCN) ජාත්යන්තර ව්යාපාරික ජාලය විසින් සංවිධානය කර ඇති මෙම අවස්ථාවට දෙස් විදෙස් නියෝජිතයන් 300කට ආසන්න පිරිසක් සහභාගී වෙති.
සමුළුව තුළින් ක්ෂේත්රයේ නියෝජිතයන්ට මුහුණට මුහුණ ව්යාපාරික සාකච්ඡා පැවැත්වීමට, ජාලගත සබඳතා වර්ධනය කර ගැනීමට සහ නව ව්යාපාරික සහයෝගිතා ගොඩනඟා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙවැනි ජාත්යන්තර සමුළුවක් ශ්රී ලංකාවේ පැවැත්වීමෙන් කොළඹ වරාය ආශ්රිත භාණ්ඩ ප්රවාහන හා සැපයුම් සේවා සඳහා ජාත්යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, ශ්රී ලාංකික සමාගම්වලට විදේශීය ව්යාපාරික හවුල්කරුවන් හඳුනා ගැනීමටත් අවස්ථාව උදා වන බව සංවිධායකයෝ පෙන්වා දෙති.
සමුළුව අමතමින් UConnect Worldwide ජාලයේ ප්රධාන විධායක නිලධාරී ඇන්ඩෲ ස්මිතර්ස්ට් මහතා සඳහන් කළේ, විදේශීය නියෝජිතයන්ගේ පැමිණීම හරහා හෝටල්, ප්රවාහන සහ අනෙකුත් සේවාවන් සඳහා ඉල්ලුම ඉහළ යාමට මෙන්ම ජාත්යන්තර ව්යාපාරික හමුවීම් සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව ප්රවර්ධනය කිරීමටද දායකත්වයක් ලැබෙන බවයි.
අමාත්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ජාත්යන්තර ව්යාපාරිකයන් සමඟ සබඳතා වර්ධනය කර ගැනීම තුළින් ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ජාත්යන්තර ව්යාපාරික ක්ෂේත්රය සමඟ සම්බන්ධතා පුළුල් කර ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.
















