ශ්රී ලංකාවේ රඳවා සිටි ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු නිදහස් කර යළි ඉන්දියාවට පිටත් කර යවා තිබේ. ඔවුන් මේ වන විට ආරක්ෂිතව සිය නිවෙස් වෙත ළඟා වී ඇති බව වාර්තා වේ.
දෙරට අතර පවතින ධීවර ගැටලු සම්බන්ධයෙන් ක්රියාත්මක රාජ්යතාන්ත්රික මැදිහත්වීම් සහ නීතිමය ක්රියාදාමයන්ට අනුව මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
මීට පෙර ඔක්තෝබර් 1 වැනිදා ද ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු නිදහස් කර ඉන්දියාවට පිටත් කර යවා තිබුණි.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර සමුද්රීය සීමා උල්ලංඝනය කිරීම් හා ධීවරයන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ ගැටලු දිගින් දිගටම අවධානයට ලක්ව ඇති අතර, එවැනි ගැටලු අවම කිරීම සඳහා දෙරටේ අදාළ පාර්ශ්වයන් අතර සාකච්ඡා පැවැත්වේ.
















