පේදුරුතුඩුව – යාපනය ප්රධාන මාර්ගයේ වල්ලිපුරම් ප්රදේශයේදී ඊයේ (28) උදෑසන සිදුවූ රිය අනතුරකින් 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පේදුරුතුඩුව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක පිටුපසින් එම දිශාවටම ධාවනය වූ තවත් යතුරුපැදියක් ගැටී තිබෙනවා.
එහිදී පිටුපසින් පැමිණි යතුරුපැදියේ පැදිකරු මාර්ගයට ඇදවැටී ඇති අතර, ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පේදුරුතුඩුව මන්දිගායි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ හැටන් ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පනෙල්ලියාඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
















