• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තෙල්දෙණිය කලාප ක්‍රීඩා තරගාවලියෙන් ජය උඩවෙල බණ්ඩාරනායක ද්විතීක පාසලට

18 August 2022
in ක්‍රීඩා

තෙල්දෙණිය කලාප ක්‍රීඩා තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මාප/ තෙල්/ උඩවෙල බණ්ඩාරනායක ද්විතීක පාසල (ජාතික පාසල) සමත්ව තිබේ.

කලාපයේ පාසල් 94 අභිබවමින්, සමස්ත ලකුණු 480 ක් ලබාගත් උඩවෙල බණ්ඩාරනායක ද්විතියික පාසල සමස්ත තරගාවලියෙන් ප්‍රථම ස්ථානයට පත් වූයේ පාසලට ජයග්‍රහණ රැසක් අත්කර දෙමිනි.

තෙල්දෙණිය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා, වයි. එම්. කුමාරිහාමි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, තෙල්දෙණිය ජාතික පාසල් ක්‍රීඩා පිටියේ මෙම තරගාවලිය පැවැත්වුණි.

මෙහිදී, 14 න් පහල දක්ෂතම ක්‍රීඩකයා ලෙස එල්.ආර්. මනුෂ නෙත්සර, 14 න් පහල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඒ.ඒ. දෙව්මිණී චාතුර්යා, 16 න් පහල දක්ෂතම ක්‍රීඩකයා ලෙස වයි. එම්. අසිත ධනංජය, 18 න් පහල දක්ෂතම ක්‍රිඩකයා එච්.එම්.සදුන් අරවින්ද, 18 න් පහල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එස්. එම්. එස්. සයුරි බණ්ඩාර, 20 න් පහල දක්ෂතම ක්‍රීඩාකයා ආර්.ජී. ඉරේෂ මදුවන්ත සහ බී.එම්.රොෂාන් ප්‍රදීප්, 20 න් පහල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පාතිමා හනා යන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ජයග්‍රහණ ලබාගත්හ.

එමෙන්ම මෙම තරගාවලිය තුළ ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් තුළින්, ප්‍රථම ස්ථාන 30 ක්, දෙවැනි ස්ථාන 25 ක්, සහ තෙවන ස්ථාන 24 ක් දිනා ගැනීමට උඩවෙල බණ්ඩාරනායක ද්වීතික පාසලට හැකි විය.

එපමණක් නොව කණ්ඩායම් ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට බණ්ඩාරනායක ජාතික පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණි.

එහිදී, වොලිබෝල් තරග ඉසව්වෙන්, 16 න් පහල බාලක ප්‍රථම ස්ථානය, 16 න් පහල බාලිකා තෙවැනි ස්ථානය, 20 න් පහල බාලක දෙවන ස්ථානය, සහ 20 න් පහළ බාලිකා තෙවන ස්ථානය ලබාගැනීමටත්, එල්ලේ ක්‍රීඩාවෙන් බාලක තෙවැනි ස්ථානය ලබා ගැනීමටත් උඩවෙල බණ්ඩාරනායක ද්වීතික පාසල සමත් විය.

මේසා විශාල ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් තෙල්දෙණිය කලාපයේ ප්‍රථම ස්ථානය බවට පත්වීමට, උඩවෙල බණ්ඩාරනායක ජාතික පාසල සමත්වීම පිටුපස, පාසලේ විදුහල්පති ඩබ්ලිව්.එල්. චමිලා කුමාරි මහත්මියගෙන් ලැබුණු අප්‍රතිහත සහයෝගය සිහිපත් කළ යුතුමය.

විදුහල්පතිනියගේ පූර්ණ අධීක්ෂණය සහ මගපෙන්වීම මත, විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු ඒ.ඒ.එන්. පෙරේරා මහත්මිය ගේ කැපවීම ද සිහිපත් කළ යුතුය.

එපමණක් නොව, මේ සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වූ විද්‍යාලීය ක්‍රීඩා භාර ගුරු භවතුන් වන සයන්ජනා තිරිමාන්න මෙනවිය සහ සාලිය ගුණවර්ධන මහතා ද ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

ඒ සමගම විද්‍යාලය සමස්ත දූදරුවන්ගේ කැපවීම උනන්දුව සහ ධෛර්යය මත මෙම සුවිශාල ජයග්‍රහණය ලබාගැනීමට උඩවෙල බණ්ඩාරනායක ජාතික පාසල සමත් විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 9
Previous Post

එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ජනපති හමු‍ වෙයි

Next Post

ආර්ථික අර්බුදය විසඳන්න නම් පාර්ලිමේන්තුවේ 225 ම ජනාධිපතිට සහයෝගය ලබා දිය යුතුයි – කොළඹ නගරාධිපති

editor

editor

Next Post

ආර්ථික අර්බුදය විසඳන්න නම් පාර්ලිමේන්තුවේ 225 ම ජනාධිපතිට සහයෝගය ලබා දිය යුතුයි - කොළඹ නගරාධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved