මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බව පවසමින්, එම විභාගය කල් දමන ලෙස ඉල්ලා නඩු පැවරීමට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා තීරණය කර තිබේ.
පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයක් සඳහා සූදානම් වීමට සිසුන්ට වසර දෙකක (මාස 24ක) කාලයක් ලැබෙන බවත්, ඇතැම් වසරවලදී එය මාස 32ක් දක්වා වැඩිවූ අවස්ථා ද තිබූ බවත්ය. කෙසේ වෙතත්, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට එම කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන්ට විශාල අසාධාරණයක් සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙවර උසස් පෙළ ලියන දරුවන්ට විභාගය සඳහා ලැබී ඇති කාලය ඉතා සීමිත බවත්, එම තත්ත්වය දරුවන්ගේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී අවධාරණය කළේය. සිසුන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම නීතිමය පියවර ගන්නා බව ඔහු පවසයි.
















