කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 23) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු ආරම්භ කෙරුණි.
රටේ ආර්ථිකයට සහ බදු ප්‍රතිපත්තිවලට බලපෑම් කළ හැකි වැදගත් කරුණු කිහිපයක් අද දිනට නියමිත කාර්යයන් අතර වේ. විශේෂයෙන්ම ‘එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත’ දෙවැනිවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අමතරව, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ පවතින නියමයන් අනුමත කරගැනීම ද අද දින පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට බලාපොරොත්තු වේ. අද දින පාර්ලිමේන්තුවේ සිදුවන මෙම වැදගත් විවාද සහ තීරණ පිළිබඳව මහජනතාවට සජීවීව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ද උදා වී තිබේ.
















