27 April 2024
#දේශීය

උඩිස්පත්තුව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව හා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය කාර්යාලය ජන අයිතියට පත් කෙරේ 

රුපියල් මිලියන 16 ක වියදමක් දරමින් අලුත්වැඩියා කරන ලද උඩිස්පත්තුව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව හා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය කාර්යාලය ජන අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්(16) සිදුවිය.

මෙහිදී දේශීය සෞඛ්‍යවත් ආහාර පාන, පෝෂණය , රෝග මර්දනය හා නිවාරණය පිලිබදව ඉදිරිපත් කිරිමක් සිදුකළ අතර පළාතට අවේනික සහ ගුණත්වයෙන් යුතු ආහාර අප අවට පරිසරයේ පහසුවෙන් හා අවම වියදමකින් ලබා ගත හැකි බවට නිදර්ශක තේ මේසයක් සකසා තිබීම විශේෂ අවස්ථාවක් විය.

ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ජනතාවට මෙවැනි කටයුතු සම්බන්ධයෙන් තොරතුරු සම්ප්‍රේශණය වීමේ මද කමක් පවතින බවයි. ඒ අවස්ථාවක් සැල‍සේනම් එය හෙට දවස වෙනුවෙන් වැදගත් බවත් ය.

මෙම අවස්ථාව සදහා මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරිය ඇතුලු ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයින්, පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා, තිලකරත්න, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය , පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.

මාතලේ – මහේෂ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *