27 April 2024
#දේශීය

වතු ජනතාවගේ පහසුකම් නැංවීමට කටයුතු කරනවා – රාජ්‍ය ආමත්‍ය රෝහණ

වතුකරයේ ජිවත්වන දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ දැමිම සදහා අවශ්‍ය මානස සහ භෞතික පහසුකම් නැංවිම සදහා වත්මන් රජය ක්‍රියා කරන බව ක්‍රිඩා හා යෟවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතලේ කන්දේනුවර තඹලගල ප්‍රදේශයේ පැවති අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් සදහා ලබා දෙන ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබදව ඒ ඒ පවුල්වල පිරිස් දැනුවත් කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

වත්මන් රජය වතු ජනතාවගේ ආර්ථික සමාජිය දියුණුවක් ඇති කරන්න කටයුතු කරන බවත් විශේෂයෙන් වතුකරයේ ජිවත්වන තරුණ තරුණියන්ට දිවයිනේ අනෙක් ප්‍රදේශවල ජිවත්වන තරුණ ප්‍රජාවගේ අයිතිය මෙන් සැබැ අයිතිය ලබාදිමටත් ඒ සදහා අවශ්‍ය පහසුකම් නංවාලිම සදහා කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මේ වන විට දිස්ත්‍රික්කය පුරා අප විසින් ශිෂ්‍යත්ව වැඩසටහනක් දියත් කර තිබෙන බවත් එහි වැඩි අවධානයක් වතුකරයේ ජිවත්වන පාසල් දරුවන් වෙත ලබා දිමට අප කටයුතු කරන බව ඔහු අනාවරණ කලේය.

ඒ වගේම වත්මන් රජය විසින් මේ වන විට වතු ප්‍රජාව මුහුණ දෙන ගැටලු එකින් එක විසදිමටත් ඒ වගේම යටිතල පහසුකම් වගා සිටුවිමට අප කටයුතු කරන අතර තවමත් නොවිසිදුනු ප්‍රශ්න රැසක් ඔබට තියනවා.මාතලේ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රශ්න විසදිමට මා නායකත්වය ලබා ගන්න සුදානම් යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *