1995 වසරේදී ලොව බාලම රාජ්‍ය නායකයා ලෙස කිරුළු පැළඳි උගන්ඩාවේ ටෝරෝ රාජධානියේ රජු වන ඔයෝ නිම්බා (Oyo Nyimba Kabamba Iguru Rukidi IV) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 34කි.
උගන්ඩාවේ බටහිර ප්‍රදේශයේ ඩිමොක්‍රටික් කොංගෝ ජනරජයේ මායිම අසල පිහිටි ටෝරෝ (Tooro) කුඩා රාජධානියේ රජු වූ ඔහු, සිය පියාගේ අභාවයෙන් පසු 1995 සැප්තැම්බර් 12 වන දින වයස අවුරුදු 3කදී මෙලෙස කිරුළු පැළඳියේය. ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ටෝරෝ රාජධානියේ අගමැති කැල්වින් ආම්ස්ට්‍රෝං ර්වෝමීර් අකීකී විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය කර නැත. උගන්ඩාවේ ප්‍රධාන විපක්ෂ නායක බොබි වයින් ඇතුළු ප්‍රබලයන් රැසක් රජුගේ වියෝව වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබේ.














