පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව, විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩඉම් ලකුණු (Z-Score) ලබන මස මුල් සතියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා සඳහන් කළේ, මෙවර උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් 92,043 ක් ලැබී ඇති බවයි. කඩඉම් ලකුණු නිකුත් කිරීමෙන් පසු සුදුසුකම් ලැබූ සිසුන්ට ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ඉදිරි පියවරයන් දැනගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
















