එක්සත් රාජධානියේ දැරියක් දූෂණය කර, පිලිපීනයේ දැරියකට සිදුවූ අපචාර අන්තර්ජාලය හරහා සජීවීව විකාශය කිරීම සංවිධානය කළ පුද්ගලයෙකුට වසර 22ක සිරදඬුවමක් නියම කර තිබේ.
හෑම්ප්ෂයර්හි රොම්සි හි පදිංචි 50 හැවිරිදි පෝල් හොප්කින්ස් (Paul Hopkins) නැමැත්තෙකු ළමා ලිංගික වරද 25කට වරදකරු වීම හේතුවෙන් බෝර්න්මූත් ඔටුන්න හිමි අධිකරණය විසින් මෙම දඬුවම නියම කර ඇත. ඔහුට වසර 30ක දීර්ඝ සිරදඬුවමක් නියම කර ඇති අතර, එයින් වසර 22ක් බන්ධනාගාරයේ ගත කළ යුතු අතර ඉතිරි වසර 8 නිදහසින් පසු මුදාහැරීමේ කොන්දේසි යටතේ ක්රියාත්මක වේ.
මෙම අපරාධකරු තමන්ගේ කණ්ඩායම මෙතෙක් පරීක්ෂා කළ වඩාත්ම භයානක ලිංගික අපචාරකයා බව නිරිතදිග කලාපීය සංවිධානාත්මක අපරාධ ඒකකයේ (SWROCU) පරීක්ෂක ඩේව් වෙල්ස් ප්රකාශ කර ඇත. 2025 මාර්තු මාසයේදී අත්අඩංගුවට පත් වූ හොප්කින්ස්, ලිංගික අපචාර සඳහා තවත් දැරියක් හමුවීමට සැලසුම් කරමින් සිටියදී පිලිපීනයේ 9 හැවිරිදි දැරියකට සිදුවූ අපචාර සජීවීව විකාශය කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.
එමෙන්ම එක්සත් රාජධානියේ දැරියකට එරෙහිව සිදු කළ 13 ට අඩු දරුවෙකු දූෂණය කිරීම ඇතුළු බරපතළ ලිංගික අපරාධ රැසකටද ඔහු වරදකරු වී ඇති අතර, පිලිපීන දැරියගේ අපචාරයට අනුබල දුන් ඇයගේ මවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
















