බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා, අවශ්‍ය වුවහොත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණවලට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට සූදානම් බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්නම් (Andy Burnham) ප්‍රකාශ කර තිබේ.
බීබීසී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඕනෑම නායකයෙකු මුලින්ම තම රටේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කළ යුතු බවයි. එසේම, ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව තමා තුළ කනස්සල්ලක් පවතින බවද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.














