• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස පැමිණීම වැලැක්වීම සහාය වන ලෙස බ්‍රිත්‍යානය ඇමැති ටිරාන්ට කියයි

27 May 2023
in දේශීය

ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බ්‍රිතාන්‍යට පැමිණීම වැලැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය ඉල්ලා සිටියාය.

ඒ පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු- පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය සමග මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා හමුවීමට ඊයේ (25 දා) දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදිය.

මෙහිදී වත්මන් ‍රටෙහි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙහිදී සේරා හල්ටන් මහත්මිය ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බ්‍රිතාන්‍යට පැමිණීම වැලැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා සිටියාය.

තවද මෙහිදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ මෑතකදී බ්‍රිතාන්‍යද නව නීති හඳුන්වා දුන් බවත් එම නීති හඳුන්වාදීම රටේ නීතිය සාමය පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය බව පෙන්වා දුනි.මෑතකදී පැවති බ්‍රිතාන්‍යයේ රාජ්‍ය අභිෂේක උත්සවයේදී සිදු වූ සිද්ධීන්ද ආවර්ජනය කරමින් නව නීති හඳුන්වාදීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පෙන්වා දුනි.

බෙන් මෙලර් මහතා මෙහිදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හතර දෙනෙකු පිළිබඳව සාකච්ඡා කෙරුණි.එහිදී ටිරාන් අලස් මහතා පවසා සිටියේ ඔවුන් හතරදෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් බවත් එම අවස්ථාවේදී පැවති ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇති බවත් ප්‍රකාශ කළේය.

යෝජිත නව ත්‍රස්ත විරෝධී පණත සංවරණය හා තුලනය වියයුතු බවද නීතිය හා සාමය පවත්වා ගැනීමට අතවශ්‍ය බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.

තවද ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත නීති රීති භාවිතය පිළිබඳව පුහුණු වැඩමුළුවක් සූම් තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍ය පොලිසියද සම්බන්ධ කරගනිමින් සංවිධානය කිරීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට ප්‍රකාශ කළාය.

Post Views: 21
Previous Post

මල් වෙඩිල්ලක් පත්තු වී අයෙකු මරුට

Next Post

අනුරාපුර සමාධි පිළිමයට නෙලුම් මල් දෙලක්ෂයක පූජාවක්

editor

editor

Next Post

අනුරාපුර සමාධි පිළිමයට නෙලුම් මල් දෙලක්ෂයක පූජාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved