බ්‍රිතාන්‍යයේ බෝනස් දීමනා හැර වාර්ෂික වැටුප් වර්ධන වේගය, පෙබරවාරි මාසයෙන් අවසන් වූ මාස තුන තුළ සියයට 3.6ක් දක්වා මන්දගාමී වී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) අද (21) ප්‍රකාශ කළේය. මෙය ආර්ථික විශ්ලේෂකයින් අපේක්ෂා කළ සියයට 3.5ක අගයට වඩා තරමක ඉහළ අගයකි.
පෙබරවාරි මස අග භාගයේදී මැදපෙරදිග කලාපයේ ආරම්භ වූ ඉරාන යුද්ධය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම මත අලුතින් උද්ධමන පීඩනයක් නිර්මාණය වී තිබේ. මේ හේතුවෙන් එංගලන්ත මහ බැංකුව (Bank of England) පොලී අනුපාත අඩු කිරීමේ තීරණය තවදුරටත් ප්‍රමාද කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පුරෝකථනය කරති.
පවතින දුර්වල ආර්ථික පසුබිම හමුවේ, ඉදිරියේදී අපේක්ෂිත උද්ධමන ඉහළ යාමට සාපේක්ෂව වැඩි වැටුප් ඉල්ලීමට සේවකයින්ට ඇති හැකියාව සීමා වනු ඇති බව මහ බැංකු නිලධාරීන්ගේ අදහස වී තිබේ. ගෝලීය දේශපාලන අස්ථාවරත්වය හමුවේ බ්‍රිතාන්‍ය ආර්ථිකය ද දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බව මෙහිදී තහවුරු වේ.














