රජය විසින් යෝජනා කර ඇති ව්යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අත්යවශ්ය බව සඳහන් කරමින් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇත.
















