යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ සමස්ත තෙල් පිරිපහදු ධාරිතාවෙන් 20%ත් 30%ත් අතර ප්‍රමාණයක් අඩපණ වීම නිසා එරට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් හටගෙන තිබේ. රුසියාවේ ස්ටැව්රොපොල් (Stavropol) ප්‍රදේශයේ පෞද්ගලික පිරවුම්හල්වල පෙට්‍රල් ලීටරයක මිල රූබල් 150 (ඇමෙරිකානු ඩොලර් 7.50ක් පමණ) දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඉන්ධන හිඟය සහ පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් හේතුවෙන් රුසියාවේ කලාප 50කට වඩා වැඩි ප්‍රමාණයකට හදිසි නීති රීති පැනවීමට සිදුව ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්ධන අපනයනය තහනම් කිරීමට සහ සලාක ක්‍රමයකට ඉන්ධන නිකුත් කිරීමට ද රුසියානු රජය පියවර ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්















