යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙലെන්ස්කි සහ ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් අතර නිව්යෝක් නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී වැදගත් ඩ්‍රෝන ගිවිසුමකට අත්සන් තබා තිබේ. කියිව් නගරයේ තාක්ෂණික විශේෂඥ දැනුම අනෙකුත් රටවල කාර්මික ධාරිතාව සමඟ ඒකාබද්ධ කිරීමේ අරමුණින් මෙම ගිවිසුම අත්සන් කර ඇති අතර, මෙය තම ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ගත් වැදගත් පියවරක් බව සෙලන්ස්කි පවසා ඇත.
රුසියානු යුද්ධය ආරම්භ වීමත් සමඟ ඩ්‍රෝන තාක්ෂණය සම්බන්ධයෙන් සීමිත අත්දැකීම්පමණක් තිබූ යුක්‍රේනය, මේ වන විට එම ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රගතියක් ලබා තිබේ. මේ වන විට රටවල් 10ක් සමඟ මෙවැනි ඩ්‍රෝන ගිවිසුම් කරා එළඹ ඇති යුක්‍රේනය, තම ජීවිත බේරා ගැනීමට උපකාරී වූ එම තාක්ෂණය මිත්‍ර රටවල් සමඟ බෙදා ගැනීමට සූදානම් බව සඳහන් කර ඇත.














