රුසියාවේ බලශක්ති ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් යුක්රේනය විසින් එල්ල කරන ලද නවතම දිගුදුර ප්‍රහාර මාලාවක වගකීම එම රට විසින් භාරගෙන තිබේ. මෙම ප්‍රහාරයන්ගෙන් රුසියාවේ ක්‍රස්නෝඩර් කලාපයේ පිහිටි පොල්ටාව්ස්කා තෙල් ගබඩාව සහ උෆා නගරයේ පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
යුද පෙරමුණේ සිට බොහෝ දුර බැහැර ප්‍රදේශවල පිහිටි මෙම මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර, රුසියාවේ බලශක්ති සැපයුම් දාමය වෙත එල්ල වූ බරපතළ බලපෑමක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
















