රුසියාව විසින් යුක්රේනය වෙත වෙන කවරදාකටත් වඩා වැඩි බැලස්ටික් මිසයිල (Ballistic missiles) ප්‍රමාණයක් එල්ල කරමින් සිටින අතර, ඒවා විනාශ කිරීම සඳහා යුක්රේනය සතුව පවතින ඇමරිකානු නිෂ්පාදිත ‘පේට්‍රියට්’ ප්‍රහාරක මිසයිල (Patriot interceptors) වේගයෙන් අවසන් වෙමින් පවතින බව ආරක්ෂක වාර්තා පෙන්වා දෙයි.
වත්මන් තත්ත්වය හමුවේ යුක්රේනය බටහිර මිත්‍ර රටවලින් තවදුරටත් ‘පේට්‍රියට්’ මිසයිල ලබාදෙන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටියද, ලෝකය පුරා ඒවායේ සැපයුම සීමිත මට්ටමක පවතී. මෙම උසස් තාක්ෂණික මිසයිල කෙටි කාලයකින් නිෂ්පාදනය කිරීම අතිශය දුෂ්කර වන අතර, මේ වන විට ඒවා සඳහා ගෝලීය ඉල්ලුම ද ඉතා ඉහළ අගයක් ගනී. විශේෂයෙන්ම, ඉරානය සමඟ පවතින මැදපෙරදිග උණුසුම්කාරී තත්ත්වය ඇතුළු ලොව පුරා හටගෙන ඇති අනෙකුත් ගැටුම් හේතුවෙන් ඇමරිකාව සතු පේට්‍රියට් මිසයිල තොග තවදුරටත් සීමා වී තිබේ.
බැලස්ටික් මිසයිල අධික වේගයකින් ගමන් කරන බැවින් ඒවා ගුවනේදීම ව්‍යර්ථ කිරීම (Intercept) අතිශය සංකීර්ණ වන අතර, මෙය යුක්රේන ගුවන් ආරක්ෂක බලකායට දරාගත නොහැකි පීඩනයක් එල්ල කර ඇත. අවශ්‍ය තරම් ප්‍රහාරක මිසයිල නොමැති වීම නිසා යුක්රේන නගර සහ ඉදිරිපෙළ යුද කලාප (Frontline positions) රුසියානු ප්‍රහාරයන්ට සෘජුවම නිරාවරණය වීමේ අවදානමක් මතුව තිබේ. ඒ අනුව, රුසියාවේ දැවැන්ත මිසයිල ප්‍රහාර සහ ඒවා වැළැක්වීමට යුක්රේනයට ඇති හැකියාව අතර පරතරය දිනෙන් දින තවදුරටත් පුළුල් වෙමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්















