යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙLලන්ස්කි (Volodymyr Zelenskiy) සහ ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ (Robert Fico) යන මහත්වරුන් අතර යුක්රේනය යුරෝපා සංගමයට (EU) ඇතුළත් කර ගැනීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ. සෙනසුරාදා දින පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා සඳහන් කළේ යුරෝපා සංගම් සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ස්ලෝවැකියාවේ සහයෝගය ලැබෙනු ඇති බවයි.
දෙරට අතර ශක්තිමත් සබඳතා පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ ඇති අතර, යුරෝපා සංගමයට එක්වීමේ තම අත්දැකීම් බෙදා ගැනීමට ස්ලෝවැකියාව සූදානම් බවද සෙලන්ස්කි මහතා පවසා ඇත. එසේම ඉදිරි අනාගතයේදී දෙරටේ නායකයින් අතර හමුවක් පැවැත්වීමටද සාකච්ඡා කර තිබේ.














