උකුවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් තිබ්බටුමුල්ල ප්‍රදේශයේ ගොවීන් සඳහා මෙවර යල කන්නයට අවශ්‍ය බඩඉරිඟු බීජ සහන මිලට ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක විය. වාරියපොළ තිබ්බටුමුල්ල වෙල්යායට ජලය සපයන වරාපිටිය පාලමේ කොටසක් අවහිර වීම හේතුවෙන් වගා කටයුතුවලට අවශ්‍ය ප්‍රමාණවත් ජලය නොලැබීම නිසා මෙම පියවර ගෙන තිබේ.
කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දෙන්නේ වී වගාවට අපහසු මෙවැනි කාලසීමාවක ගොවීන් බඩඉරිඟු වගාව වෙත යොමු කිරීම හරහා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් හැකි වන බවයි. සේරුගොල්ල අමුණ හරහා ලැබෙන ජල සැපයුම සීමා වීම නිසා පීඩාවට පත් ගොවීන්ට මෙය මහඟු සහනයක් වනු ඇත.














