ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහ ජාතික කාන්තා කොමිසමේ (NCW) සභාපතිනි ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි කොමිසමේ කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී කාන්තා බලගැන්වීම් සහ ඒ ආශ්‍රිත ඉදිරි සහයෝගීතාවන් පිළිබඳව දෙපාර්ශ්වයේ දීර්ඝ වශයෙන් අවධානය යොමුව ඇත.
මෙම හමුවේදී නේවාසික සම්බන්ධීකාරකවරයා සභාපතිනියගේ නව පත්වීමට සුබ පැතුම් එක් කළ අතර, 2024 අංක 37 දරන කාන්තා බලගැන්වීමේ පනත යටතේ ජාතික කාන්තා කොමිසමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අඛණ්ඩ කැපවීම යළි තහවුරු කළේය. කොමිසමේ මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතිය සහ විශේෂයෙන් UN Women ආයතනය ලබාදෙන තාක්ෂණික සහයෝගය සභාපතිනියගේ ඇගයීමට ලක්විය.
එහිදී කාන්තා බලගැන්වීමේ පනතේ අරමුණු, ජාතික කාන්තා කොමිසමේ ස්වාධීන කාර්යභාරය සහ ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස දැනුවත් කෙරිණි. රැස්වීම අවසානයේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව පුරා කාන්තා බලගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාතික කාන්තා කොමිසම අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත.
















