උණවටුන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට අතවර කළ බව කියන 38 හැවිරිදි සැකකරුවෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අදාළ සම්බාහන ආයතනයේ සේවය කරන අයෙකු බව වාර්තා වේ.
පසුගිය 06 වැනි දින උණවටුනේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකදී ප්‍රතිකාර කරන මුවාවෙන් මෙම අතවරය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අද දින සංචාරක පොලිස් කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














