හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමින් පැය දෙකහමාරක කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සහාය දැක්වීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට පැමිණ සිටීමයි.
මීට අමතරව, හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාගෙන් ද අල්ලස් කොමිසම අද දින දීර්ඝ ලෙස ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එම ප්‍රශ්න කිරීම් පැය හතරහමාරක කාලයක් පුරා සිදු කර ඇති බව වාර්තා වේ. මෙම ප්‍රකාශ ලබාගැනීම් කුමන විමර්ශනයකට අදාළව සිදු වූවක් ද යන්න පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.














