29 April 2024
#දේශීය #පුවත්

UNDP සහ NPP අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකාව තුළ දියත් කරනු ලැබ ඇති තම වැඩසටහන් පිළිබඳව ජාතික ජන බලවේගයට පැහැදිලි කළ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ, රටේ පවතින ආර්ථික තත්වය තුළ වර්ධනය වී ඇති දිළිඳුකම ඇතුළු සමාජ ආර්ථික ගැටලු පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවත් ඔවුන්ගේ වාර්තාවට එම තොරතුරු ඇතුල් වී ඇති බවත් පෙන්වා දුන්හ.

මෙම හමුව සඳහා එම වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota), ප්‍රතිපත්ති විශේෂඥ චන්ද්‍රිකා කරුණාරත්න, මාධ්‍ය විශේෂඥ චතුරංග හපුආරච්චි සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික බිමල් රත්නායක එක්වී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *