වසරක් ඇතුළත රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් මිලියන 20කට ආසන්න සංඛ්‍යාවක් විවිධ ඩිජිටල් ප්ලැට්ෆෝම් (Digital Platforms) හරහා ලිංගික සූරාකෑමට හෝ අපයෝජනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිකුත් කළ නවතම වාර්තාවක් මගින් අනාවරණය කරයි.
අප්‍රිකාව, ආසියාව, ලතින් ඇමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය පුරා වයස අවුරුදු 12ත් 17ත් අතර ළමයින් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා (20%කට වැඩි ප්‍රමාණයක්) මෙම අන්තර්ජාලය ඔස්සේ සිදුවන ලිංගික හිංසනයන්ට මුහුණ දී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි. මින් 60%කට ආසන්න ප්‍රමාණයක් Facebook, WhatsApp, Instagram, Snapchat සහ TikTok වැනි සමාජ මාධ්‍ය හරහා සිදුවී ඇති අතර, 14%ක් Online Games හරහා සිදුව තිබේ. කෙසේ වෙතත්, මෙලෙස අපයෝජනයට ලක්වන ළමුන්ගෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් පොලිසියට හෝ උපකාරක සේවාවලට පැමිණිලි කර ඇති අතර, කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් සකස් කළ ලිංගික රූප රාමු නිසා ද ළමුන් මිලියන 1.1ක් පමණ පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.
















