යූනියන් ඇෂුවරන්ස් (Union Assurance PLC) සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අත්වැල් බැඳගනිමින් පවත්වනු ලැබූ “සහතිකලත් මූල්‍ය උපදේශක” (Certified Financial Adviser) පාඨමාලාව සාර්ථකව නිමකළ වෘත්තිකයන් 38 දෙනෙකු ඇගයීම සඳහා වූ උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා එම සමාගම් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. වඩාත් දක්ෂ හා පිළිගත් අලෙවි බලකායක් ගොඩනැගීම කෙරෙහි සමාගම දක්වන සුවිශේෂී අවධානය මෙමගින් මනාව පිළිබිඹු වේ.
උපදේශන විකුණුම් කුසලතා, සාකච්ඡා සම්මුති පැවැත්වීමේ ප්‍රවීණත්වය, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයින් හඳුනාගැනීම සහ විකුණුම් ක්ෂේත්‍රයේදී අවශ්‍ය වන මානසික ඔරොත්තු දීමේ හැකියාව වැනි විෂය පථයන් 11කින් මෙම පාඨමාලාව සමන්විත විය. සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මනාව හඳුනාගනිමින් වඩාත් විශ්වසනීය සහ ගුණාත්මක සේවාවක් සැපයීමට අවශ්‍ය නිපුණතාව මෙමගින් උපදේශකයන් වෙත ලබා දී ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන නියෝජිත නිලධාරී ඉම්තියාස් අනිෆ් මහතා සඳහන් කළේ, සිය දෛනික වගකීම් මධ්‍යයේ මෙම පාඨමාලාව සාර්ථකව නිමකළ පිරිස පිළිබඳව තමන් ආඩම්බර වන බවයි. මෙම SLIM සහතිකය හරහා උපදේශකයන්ට උසස් ප්‍රමිතියකින් යුත් සේවාවක් ලබා දීමට හැකි වනවා මෙන්ම ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඉදිරියටම යාමට විධිමත් අධ්‍යාපනික මාවතක්ද විවෘත වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














