එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (සැප්තැම්බර් 06) පෙරවරුවේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.
හිටපු අග්‍රමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇතුළු නායකයින් විසින් 1946 වසරේ සැප්තැම්බර් 06 වනදා ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂයට අදට වසර 80ක් පූර්ව වේ. මෙම සැමරුම් උත්සවය සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනරජ පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයෝ ආරාධිතයන් ලෙස එක්ව සිටියහ. පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමෙන් අනතුරුව සැමරුම් කටයුතු ආරම්භ වූ අතර, එජාප සංවත්සර මහා සමුළුව එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


















