දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වී ඇනහිට තිබූ පේරාදෙණිය සහ කොළඹ අතර දුම්රිය ධාවනය ලබන ඔක්තෝම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු යොදමින් සිටී.
මෙහි මූලික අදියරක් ලෙස, උඩරට දුම්රිය මාර්ගයේ බරපතල ලෙස හානියට පත් වූ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වන කොටසේ ඉදිකිරීම් කටයුතු මේ මස (සැප්තැම්බර්) 15 වන දින වන විට අවසන් කිරීමට නියමිතය. දිට්වා කුණාටු තත්ත්වය මත උඩරට දුම්රිය මාර්ගයේ පමණක් ස්ථාන 97 කට ආසන්න ප්‍රමාණයකට දැඩි හානි සිදුවී තිබුණි.


















