27 April 2024
#දේශීය

පොහොට්ටුවෙන් බාල්දියක්.. අලුත් කැබිනට් මණ්ඩලයක් !

මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය පොහොට්ටු කණ්ඩායමේ ප්‍රශ්ණ උග්‍ර අතට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් මන්ත්‍රී ධුරයන් පොහොට්ටු පක්ෂයට හිමිව යුතු බව ඔවුන් තරයේ ජනාධිතිවරයාට පවසා සිටින බව වාර්තා වේ. ‍

මීට දින කිහිපයකට පෙරද නව කැබිනට් මණ්ඩයට හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට යෝජනා වී තිබුණ ද එය පවා අතරමැද නැවතුණේ මේ පොදුජන පෙරමුණේ ගැටුම නිසා බව වාර්තා වේ.

කෙසේ වෙනත් මේ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙකු බරපතල ලෙස මැදිහත් වීමක් සිදු වන බව වාර්තා වන බව ජනාධිපති රනිල්ට ආණ්ඩුව කරන්න දෙන්නෙත් ඔහුම වේ. එම ප්‍රබලයා මේ වන විට පවසා ඇත්තේ පොදු ජන පෙරමුණේ ප්‍රබලයින්ට අමාත්‍ය ධුර ලබා දීමට කටයුතු කල යුතු බවයි.

පවතින තත්ත්වය තුල මේ වන විට ආණ්ඩුව නියෝජනය කරමින් කැබිනට් අමාත්‍ය ධුර දරණ සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන වෙනත් පක්ෂවල පිරිස් ඉවත් කිරීමක් බොහෝ විට ඉදිරි කාලයේදී සිදු වනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොහොට්ටුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට අදාළ කැබිනට් අමාත්‍ය ධුර ලබා දීමේ සැලසුමක් ඇති බව දියත් කරන බව දැනගන්නට ඇත.

පසුගිය කාල සිමාවේද වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුරයක් ලබා දෙනවායි පවසමින් ඔවුන්ව නම්මා ගැනීමේ වැඩපිළීවෙලක් දියත් කල ද ඔවුන් ඉල්ලා සිටින අමාත්‍ය ධුර දීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් සිය විරෝධය පල කර ඇත.

ඔවුන්ට ඇමැති ධූර ලබා දුන්නොත් 22 ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොමැතිවීම හෙයින් අදාළ අමාත්‍ය ධුර නොදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *