• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තේ කර්මාන්තය නගා සිටුවන්න – ජනපති පවසයි

8 September 2020
in ව්‍යාපාර

බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කර්මාන්තයේ බිද වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ (Ceylon Tea) සඳහා තිබූ ඉහල ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්කය විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ප්‍රධාන වතු සමාගම් 20න් 10ක් අක්‍රීයව ඇත. කුඩා තේ වතු ඉහළ නිෂ්පාදනයක් අත්කර ගන්නා විට වතු සමාගම්වල නිෂ්පාදන ධාරිතාව සීග්‍රයෙන් පහත වැටී ඇතැයි අනාවරණය කෙරිණ.

පාඩු ලැබීමට සහ අකර්මණ්‍යයට හේතු කෙටි කලකදී හඳුනාගෙන ස්ථීර විසඳුම් දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. පාඩු ලබන වතු සමාගම් නියාමන ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා සක්‍රීයත්වයට පත් කිරීමට තීරණය කෙරිණ.

තේ පිළිබඳ නව පර්යේෂණවල සොයා ගැනීම් ප්‍රයෝජනයට නොගැනීම කර්මාන්තයේ පසුබැසීමට හේතු වී ඇති බව ප්‍රවීණයන්ගේ අදහස විය. පර්යේෂණ සඳහා ප්‍රමුඛත්වය දෙමින් නව වෙළෙඳපොළ හඹා යෑමේ අවශ්‍යතාව ඔව්හු පෙන්වා දුන්හ.

ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති Bio Tea (ජෛව තේ) කර්මාන්තය ව්‍යාප්ත කරමින් ලාභ ඉපැයීමේ හැකියාව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

වැවිලි කළමනාකරණ සහ නිරීක්ෂණ අංශය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ, වතු නියෝජිතයෝ සහ තේ වැවිලිකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 30
Previous Post

සිරගෙදරින් පාර්ලිමේන්තු ආ ප්‍රේමලාල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Next Post

තරුණ පරපුරට සුව පහසු නිවාස මිලදී ගන්න අවස්ථාවට උදා කර දෙන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

editor

editor

Next Post

තරුණ පරපුරට සුව පහසු නිවාස මිලදී ගන්න අවස්ථාවට උදා කර දෙන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved