පෝෂක ප්රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.
තවදුරටත් වර්ෂාව ඇදහැලුණහොත් ජලාශයේ අනෙකුත් වාන් දොරටු ද ස්වයංක්රීයව විවෘත විය හැකි බවට ඉංජිනේරුවෝ අනතුරු අඟවති.
මේ හේතුවෙන් කොත්මලා ඔය පහළ ප්රදේශවල පදිංචිකරුවන් දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
















