27 April 2024
#සංවර්ධන

උපුල්දෙණිය රජයේ ධාන්‍ය ගබඩාට වී වේලන යන්ත්‍රයක් ප්‍රදානය කරයි

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අනුරාධපුර ගලෙන්බිඳුණුවැව උපුල්දෙණිය රජයේ ධාන්‍ය ගබඩා සංකීරණය සඳහා වී වේලන යන්ත්‍රයක් ප්‍රදානය කරනු ලැබීය.

උපුල්දෙණිය වී ගබඩා සංකීරණය නිරීක්ෂණයට පැමිණි අමාත්‍යයවරයා, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව එම ධාන්‍ය ගබඩා සංකීරණයේ වී ගබඩා කරන ගොවීන්ගේ අවශ්‍යතාවය සඳහා වී වේලන යන්ත්‍රයක් ප්‍රධානය කරනු ලැබීය.

උපුල්දෙණිය ධාන්‍ය ගබඩා සංකීරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් විශාල පිරිසක් අස්වනු නෙලීමෙන් පසු වී ගබඩා කිරීම සඳහා යොදා ගන්නා මධ්‍යස්ථානයකි.එම මධ්‍යස්ථානයේ වී ගබඩා කිරීමේදී නිසි ප්‍රමිතියට වී වේලා ගබඩා කිරීම සඳහා වී වේලන යන්ත්‍රයක අවශ්‍යතාවක් පැවති අතර, හිටපු අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කළ ඉල්ලීමක් අනුව මෙම වී වේලන යන්ත්‍රය උපුල්දෙණිය ගබඩා සංකීරණය වෙත ප්‍රධානය කෙරිණි.

මෙම අවස්ථාවට එම ධාන්‍ය ගබඩා සංකීරණයේ නිළධාරීන්, ගොවි ගෙවිලියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *