27 April 2024
#දේශීය

ඌරුජුවාගේ සමිපතමයා අත්අඩංගුවට

මුල්ලේරියාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ 16 සිදු කල වැටලීමෙදී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 10 ක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරු මේ වන විට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඌරුජුවාගේ සමීපතයෙකු බව අනාවරණ වී ඇත.

එසේම එම සැකකරු පසුගිය 14 වනදා මුල්ලේරීයාව, හිඹුටාන ප්‍ර දේශයේ ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියට අවශ්‍ය කරන සැකකරුවෙකු බව අනාවරණ වී තිබේ. මොහු 2018 හා 2019 වර්ෂවල හංවැල්ල ප්‍රදේශයේද වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩුවිභාග වෙමින් පවතින අයෙකු වේ. 2015 වර්ෂයේදී පාදුක්ක ප්‍ර දේශයේ ඉන්ධන හලක් මංකොල්ලකෑම් වැනි සිද්ධින් කිහිපයකට සම්බන්ධ බව අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

අත්අඩංගුවේ පසුවන සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රැඳවුම් නියෝග මත ලබා ගැනීමට නියමිත අතර මුල්ලේරීයාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *