27 April 2024
#දේශීය

පදික වේදිකාවේ අනවසරෙන් වාහන නැවතීම තහනම් – පොලිසිය

පදික වේදිකාවල හා මාර්ගයේ අනවසර ස්ථානවල නවතා තබා ඇති වාහන සොයා අද (17) සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශක් සිදු කරමින්.

පදික වේදිකාවල හා මාර්ගයේ අනවසර ස්ථානවල වාහන නවතා තැබීම හේතුවෙන් විශාල ලෙස මාර්ග අනතුරු සිදුවන බව ඔහු පැවසීය.

මේ අතර “වාහන නවතා තැබීම තහනම්“ යනුවෙන් සඳහන් කර ඇති ස්ථානවල වාහන නවතා තැබීම නොකරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම යතුපැදිකරුවන්ගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය.

පදික වේදිකාවල හා මාර්ගයේ අනවසර ස්ථානවල වාහන නවතා නැබීම සිදුකළ හොත් අදාළ වාහනය රැගෙන යෑමට කටයුතු කරන බවත් ඒ සඳහා දැරූ පිරිවැය අදාළ වාහන හිමියා විසින් ගෙවිය යුතු බවත් ඒ මහතා පැවසීය.

මාර්ගයේ අනවසර ස්ථානවල වාහන නවතා තබන පුද්ගලයින්ට එරෙහිව මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන මෙන්ම ජාතික මං මාවත් පනතේ ප්‍රතිපාදන අනුව නඩු පැවරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *