• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවගේ ඉඩම් ගැටළුව ස්ථිරසාරව විසඳන උරුමය වැඩසටහන එළැඹෙන 05 වනදා – ඇමැති හරීන්

1 February 2024
in දේශීය, පුවත්
ජනතාවගේ ඉඩම් ගැටළුව ස්ථිරසාරව විසඳන උරුමය වැඩසටහන එළැඹෙන 05 වනදා – ඇමැති හරීන්

නිසි ඉඩම් හිමිකමක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින මිලියන දෙකකට අධික ජනතාවගේ ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය පෙබරවාරි මස 05 වනදා දඹුල්ලේ දී පැවැත්වෙන බව බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් 10,000කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රට තුළ තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහිකරන ඓතිහාසික වැඩසටහනක් ද මේ වන විටත් සැළසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා “මීට වසර දෙකකට පමණ පෙර රට තිබූ තත්ත්වය පිළිබද පළමුව සිතා බැලිය යුතුයි. එදා මේ රට අසාධ්‍ය රෝගියෙකු බඳු තත්ත්වයකට පත්ව තිබුණා. ඒ අවස්ථාවේ බහුතරයක් කල්පනා කළේ රෝගියා කියන ආකාරයට ප්‍රථිකාර කිරීමටයි. නමුත් එක පුද්ගලයෙක් රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කිරීම ආරම්භ කළා. රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කරන විට රෝගීන් සතුටු නොවෙන්න පුළුවන්. නමුත් රෝගය සුව වෙනවා. අද රට සුවපත් වෙමින් තිබෙන්නේ රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කරන නිසයි. අප කවදත් අභියෝග බාර ගන්නේ කාටවත් අභියෝග කිරීමට නොවෙයි. අප අභියෝග බාරගන්නේ රටට ජයග්‍රහණයක් අත් කර දීමටයි. ඒ අභියෝග මට හැකි උපරිමයෙන් ජයග්‍රහණය කරවා තියෙනවා. පසුගිය සමයේ සංචාරක කර්මාන්තය වැටී තිබූ තත්ත්වය පිළිබඳ කවුරුත් දැනුවත්. ඒ වගේම සංචාරක කර්මාන්තය අද තිබෙන තත්ත්වය ගැනත් කවුරුත් දැනුවත්. අද එය සීග්‍ර වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා. ඒ වගේම අද වන විට ක්‍රිකට් තහනම ඉවත් කර කිරීමට අපට හැකි වුණා . වසර ගණනාවකට පසුව තරුණ කොදෙව් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියාව පරාජය කළා. අප අද සැරසෙමින් සිටින්නේ ද එවැනි අනාගත ජයග්‍රහණයන් වෙනුවෙන්. අභියෝගය බාරගත යුතු අවස්ථාවේ පැන යන්නේ අවස්ථාවාදීන්. නමුත් රට සෑම අංශයකින්ම බරපතල ආකාරයට කඩා වැටී තිබූ අවස්ථාවේ රට යළි ගොඩගැනීමේ අභියෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාර ගත්තා. එදා ඒ ආකාරයට අභියෝගය බාර නොගත්තා නම් අද මේ රට මිනිස්සු නැති කාන්තාරයක් වෙන්න ඉඩ තිබුණා. අද රටේ තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා. අපට දැන් තිබෙන අභියෝගය නම් ඉඩමක්, ඉඩමට ඔප්පුවක්, ගෙයක් දොරක් අහිමිව දුක් විදින මිනිස්සුන්ගේ කරුමය අවසන් කිරිමයි. ඒ නිසා, කරුමය වෙනුවට “උරුමය” ලබා දෙන විශේෂ වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ලංකාවේ මිලියන දෙකක ජනතාවගේ ජීවිත වෙනස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ මෙරට සිටින රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණය වෙනුවෙන් සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම හරහායි. මෙහි ආරම්භක උත්සවය ලබන පෙබරවාරි 05 වනදා දඹුල්ලේදී සිදු කරනවා. එදින සින්නක්කර ඉඩම් ඔප්පු 10,000ක් ලබා දෙනවා. අනතුරුව මෙම වැඩසටහන මෙරට තිබෙන ග්‍රාමසේවා වසම් 14,000 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අප බලාපොරෙත්තු වනවා. එදා ගොවි ජනපද ව්‍යාපාරය හරහා ලක්ෂ ගණනකගේ ජීවිත ගොඩ නැගුණා. මහවැලි ව්‍යාපාරය හරහා ලක්ෂ ගණනකගේ ජීවිත එළිය වුණා. අද “උරුමය” හරහා මේ රටේ ලක්ෂ ගණනකගේ ජීවිතවලට අලුත් හුස්මක් ලැබී තිබෙනවා. නිදහසින් පසු මෙවැන්නක් සිදු වන්නේ ප්‍රථම වතාවටයි. එබැවින් මෙය ඓතිහාසික කටයුත්තක් වනවා. ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන පරම්පරා ගණනක ඇස්වල කදුළු පිසින කටයුත්තක් වනවා. එපමණක් නොවෙයි, අප මේ රටේ තරුණ පරම්පරාව ව්‍යවසායකයින් බවට පත් කරන ඓතිහාසික වැඩ සටහනක් සැළසුම් කර තිබෙනවා. ඒ යටතේ තරුණ ව්‍යවසායකයන් මිලියනයක් බිහි කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව ලංකාවේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන දැවැන්ත වැඩසටහන් දෙකක් අප අමාත්‍යංශය යටතේ ක්‍රියාවට නැගෙනවා” යැයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසිය.

Post Views: 619
Previous Post

උසස් අධ්‍යාපන දැවැන්තයා EDEX Expo 2024 මෙවර 20 වැනි වරටත් කොළඹ දි හා මහනුවර දි

Next Post

නිවසක් ලබා දෙන බව පවසමින් මුදල් වංචාකල අයෙකු අත්අඩංගුවට

editor ttvnews

editor ttvnews

Next Post
ගංජා පැල වගා කල අයෙකු අත්අඩංගුවට

නිවසක් ලබා දෙන බව පවසමින් මුදල් වංචාකල අයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved