නෙදර්ලන්තය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 200ක වටිනාකමකින් යුත් හෙල්ෆයර් (Hellfire) මිසයිල අලෙවි කිරීමේ විභව ගිවිසුමකට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව බදාදා (22) දින අනුමැතිය ලබා දී තිබේ.
මෙම ගනුදෙනුව යටතේ AGM-114 හෙල්ෆයර් මිසයිල නෙදර්ලන්තයට ලබා දීමට නියමිතය. යුරෝපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීම සහ නේටෝ (NATO) මිත්‍ර රටවල යුද ශක්තිය ඉහළ නැංවීම මෙවැනි ආරක්ෂක ගනුදෙනුවල ප්‍රධාන අරමුණක් ලෙස සැලකේ. ඉරාන යුද වාතාවරණය හමුවේ ඇමරිකානු නාවික හමුදාව ද මෙවැනි මිසයිල භාවිත කරමින් මෙහෙයුම්වල නිරත වන පසුබිමක මෙම අනුමැතිය හිමිවීම විශේෂත්වයකි.














