චීනයේ “15 වන පස් අවුරුදු සැලැස්ම ආරම්භ කිරීම” යන තේමාව යටතේ පැවැති මාධ්‍ය හමුවකදී, එරට නව කාර්මීකරණය වේගවත් කිරීම සහ ඉදිරි තාක්ෂණික ඉලක්ක පිළිබඳව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කර තිබේ.
මෙම පස් අවුරුදු සැලසුම් කාලසීමාව තුළ 6G තාක්ෂණ සංවර්ධනය සඳහා ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලබා දෙන බව එහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව 6G හි මූලික තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණ වේගවත් කිරීම, අදාළ තාක්ෂණික අත්හදා බැලීම් හා ප්‍රමිති සංවර්ධනය අඛණ්ඩව සිදු කිරීම සහ එම තාක්ෂණය කඩිනමින් වාණිජකරණය (Commercialization) සඳහා සූදානම් කිරීම ඉදිරි වසර කිහිපයේ ප්‍රධාන ඉලක්කය වන බව ද චීන බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.














