ඉරානය සම්බන්ධයෙන් හටගෙන ඇති යුදමය තත්ත්වය සහ සෙබළුන්ගේ සීමිතභාවය හේතුවෙන් දකුණු කොරියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාසය අවලංගු කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රාදේශීය ආරක්ෂක සහ හමුදාමය බලමුලු ගැන්වීම් සම්බන්ධයෙන් මතුව ඇති නව අභියෝග හමුවේ ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් මෙම හදිසි තීරණය ගෙන තිබේ.
















