ඉරානයට අයත් ඉලක්ක වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව ඇමෙරිකානු මධ්‍යම බලඇණිය (U.S. Central Command) නිල වශයෙන් තහවුරු කරයි. ඇමෙරිකානු නැගෙනහිර වේලාවෙන් ඊයේ (14) පස්වරුවේ සිට මෙම නව ප්‍රහාර මාලාව ආරම්භ කර ඇති බව සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඇමෙරිකානු හමුදාව ප්‍රකාශ කළේය.
ලෝක තෙල් ප්‍රවාහනයෙන් විශාල කොටසක් සිදුවන උපායමාර්ගික හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ටෙහෙරාන් පාලනය පියවර ගැනීමත් සමඟ, ඉරාන නාවික ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර කිරීමේ (Blockade) දැඩි තීරණයකට ඇමෙරිකාව එළඹ තිබේ. මෙම නවතම ප්‍රහාර මාලාව දියත් කෙරෙන්නේ එම පසුබිම මධ්‍යයේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














