පිලිපීනයේ පැවැත්වෙන 33 වන ASEAN කලාපීය සමුළුවට (ARF) සමගාමීව, පාකිස්තානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සෙනෙට් සභික මොහොමඩ් ඉෂාක් ඩාර් (Mohammad Ishaq Dar) සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
මෙම හමුවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙන්ම ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කරගත හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.














