ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ (USD) ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (05) උදෑසන වන විට තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඊයේ (04) දිනයේ දී රු. 330.10ක් ලෙස වාර්තා වූ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල (Buying Rate) අද වන විට රු. 332.27ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම ඊයේ දිනයේ දී රු. 340.25ක් ලෙස සටහන් වී තිබුණු ඩොලරයේ විකුණුම් මිල (Selling Rate) අද (05) දිනය වන විට රු. 342.00ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් නිවේදනය කරයි.
















