ඇමරිකානු ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ගුවන් ගාස්තු ඇතුළු සංචාරක වියදම් ඉහළ යාම, විදේශයන්හි පවතින බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට යන බැතිමතුන්ට මෙන්ම සංචාරක ක්‍රියාකරුවන්ට ද දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි විදේශීය බෞද්ධ සංචාරක සංවිධායකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා පවසයි.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති විදේශීය බෞද්ධ සංචාරක සංවිධාන සංඛ්‍යාව 270ක් පමණ වේ.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ බැතිමතුන් අපේක්ෂා කරන බෞද්ධ වන්දනා චාරිකා සංවිධානය කිරීම සහ ඒ සඳහා පවතින ගුවන් ගමන් පහසුකම් ලබා ගැනීම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ට විශාල අභියෝගයක් වී ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.
















